මොහමඩ් අලිගේ බොක්සිං අත්වැසුම් කෝටි 11කට වෙන්දේසි වෙයි


හිටපු බොක්සිං ශූර මොහමඩ් අලි ප්‍රථම වතාවට ලෝක ශූරතාවය දිනාගත් අවස්ථාවේ පැළඳ සිටි බොක්සිං අත්වැසුම් යුගලක් ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර පැවති වෙන්දේසියකදී ඇ.ඩො.836,500කට (රු.කෝටි 11කට ආසන්න වටිනාකමකට) අලෙවි වී තිබේ.

පසුගිය සෙනසුරාදා මෙම වෙන්දේසිය පැවැත්වූයේ එවකට කැෂියස් ක්ලේ නමින් හැඳින්වුණු මොහොමඩ් අලි සොනි ලිස්ටන් පරාජය කරමින් ලෝක ශූරතාවය දිනාගැනීමෙන් වසර 50කට පමණ පසුවය.

හෙරිටේජ් ඔක්ෂන්ස් ස්පෝට්ස් ප්ලැටිනම් නයිට් ඔක්ෂන් නමින් හැඳින්වුණු වෙන්දේසිකරුවන් විසින් මෙම වෙන්දේසිය සිදුකර ඇති අතර, ඔවුන්ගේ වෙබ් අඩවියෙහි මෙය පළ කර තිබේ. කෙසේ වෙතත් මෙතරම් මුදලක් වැය කර මෙම බොක්සිං අත්වැසුම් යුගල ලබාගත් තැනැත්තාගේ නම සඳහන් කොට නැත.



Recommended Articles