ඉරාකයේ, මොසුල් නගරයේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව දැවැන්ත සටන් පෙරමුණක් සමග අලුත් ප්‍රහාර මාලාවක් ඉරාක හමුදා විසින් අරඹා තිබේ.
ඒ අනුව, නගරයේ නැගෙනහිර දිස්ත්‍රික්ක වෙත හමුදා පෙරට ඇදෙන බවත්, එය ඉරාකයේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සතු අවසන් බල කඳවුර යළි අත්පත් කරගැනීම සඳහා එම හමුදා ඇරඹි මෙහෙයුමේ දෙවැනි පියවර බවත් සඳහන් වෙයි.
මෙම මෙහෙයුම මීට මාස තුනකට පමණ පෙර ඇරඹි මොසුල් අල්ලා ගැනීමේ මෙහෙයුම වේගවත් කිරීමේ පියවරක් බවද එරට ආරක්ෂක අංශ පවසයි.
මීට දින කිහිපයකට පෙර ඉරාක අගමැතිවරයා පවසා තිබුණේ ඉදිරි මාස තුනක කාලය තුල මොසුල් බලය අල්ලා ගැනීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, 2016 අවසන් වීමට පෙර මොසුල් අත්පත් කරගන්නා බවත් එම මෙහෙයුම් අරඹමින් ඉරාක අගමැතිවරයා පවසා තිබුණි.