මොසැම්බික් රාජ්‍යයේ අගනගරය ලෙස සැලකෙන මපුටෝ හි දැවැන්ත කුණු කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීටර් 15ක් පමණ උසට දිවගිය මෙම කුණු කන්ද කඩා වැටීමට හේතුව පැවති ධාරාණිපාත වර්ෂා තත්ත්වය බව එරට බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, මෙම කුණු කන්ද නගරයේ ජීවත්වන අන්ත දුගී පවුල් සඳහා ආදායම් මාර්ග ගෙනදුන් ස්ථානයක් වී ඇති අතර, ඔවුන් බොහෝ දෙනෙකු මෙම කුණු කන්ද ආශ්‍රිතව තාවකාලික රැඳවුම් ස්ථාන සාදාගෙන සිටි බවද කියැවෙයි.
මෙම කුණු කන්ද කඩා වැටෙන අවස්ථාවේදී ඒ ආසන්නයේ තිබූ නිවාස 5ක්ද කුණු කන්දට යටවී ඇති අතර, අනතුරට පත්වූවන් සොයා මුදාගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පැවති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.