මොස්කව් අධිකරණයක කලහ කළ සැකකරුවන් 3ක් මරා දමලා


රුසියාවේ, මොස්කව් නගරයේ අධිකරණයක් තුළදී ආරක්ෂක නිලධාරීන්ගේ ආයුද පැහැර ගැනීමට තැත්කළ සැකකරුවන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

සැකකරුවන් පස් දෙනෙකු විදුලි සෝපානයක් තුළින් රැගෙන එමින් සිටියදී ඔවුන් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී ඔවුන්ගේ ආයුද පැහැරගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම් සිදුව තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් අනෙක් සැකකරුවන් දෙදෙනා සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ක්‍රීඩාවේ ආභාෂය ලබමින් ඇති වූ ජී.ටී.ඒ. නමැති මැර කල්ලියක සාමාජිකයන් පිරිසක් මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇති බව රුසියානු මාධ්‍ය පවසයි.

මධ්‍යම ආසියානු ජාතිකත්වයන් දරණ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මොවුන් 2012 සහ 2014 යන කාලය තුළ පුද්ගල ඝාතන 17කට චෝදනා ලබා සිටි අයවලුන් බවද පැවසෙයි.

කෙසේ වෙතත්, මෙම ඝාතන පිළිබඳ යම් සැකයක් මතුවන බවද විදෙස් වාර්තා පවසන අතර, මාංචු දමා රැගෙන ආ පිරිසක් තුවක්කු පැහැරගැනීම දුර්ලභ සිදුවීමක් බවද එම වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles