මොබයිල්, පරිගණක හෝ රූපවාහිනී තිර දෙස ඕනෑවට වඩා වැඩි කාලයක් බලා සිටීමෙන් පිළිකා රෝග සහ හෘද රෝග ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් විශ්වවිද්‍යාල විසින් සිදුකරන ලද මෙම අධ්‍යයනය සඳහා බ්‍රිතාන්‍ය වැසියන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් සහභාගී වූ බව කියයි.
ඔවුන් කොපමණ වේලාවක් මෙවැනි තිර දෙස බලාසිටින්නේ දැයි යන්න එහිදී නිරීක්ෂණය කර ඇති අතර, ඒ තුළින් මෙම දත්ත හෙළි කරගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.
විශේෂයෙන්ම මේ ආකාරයෙන් වැඩි වේලාවක් මෙවැනි විද්‍යුත් තිර දෙස බලා සිටීමේදී ශරීර ශක්තියෙන් අඩු පුද්ගලයන් රෝගී වීම දෙගුණයකින් වැඩි බවද ඔවුහු පෙන්වා දෙති.
මේ ආකාරයෙන් මොබයිල්, පරිගණක හෝ රූපවාහිනී වෙත ඇබ්බැහි වීම නිසා ඔවුන්ට ව්‍යායාම් කිරීමට ඇති කාලය අවම වීමත් හෘදයාබාධ බහුල වීමට හේතුක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීම, අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රෝගී බවට පත්වීමේ අවදානම මෙන් දෙගුණයක් පමණ යයි එහිදී හෙළි වූ බව පර්යේෂකයෝ පවසති.
කෙසේ වෙතත්, මෙය සෑම පුද්ගලයෙකුටම එකහා සමානව බල නොපෑවත්, මෙය බහුතරයට මරණය ඉක්මන් වීමට හේතුවක් බව ඔවුන් එම අධ්‍යයනයේදී නිගමනයට පැමිණ තිබේ.