හිටපු ෂියා සටන්කාමී නායක මොක්ටාඩා සදර්ගේ නායකත්වයෙන් යුතු ෂියා මුස්ලිම්වරුන්ගෙන් සමන්විත සන්ධානය ඉරාක මහ මැතිවරණය ජයග්‍රහණය කර තිබේ.
ඉරාක මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ අවසන් ප්‍රතිඵලවලට අනුව මොක්ටාඩා ප්‍රමුඛ සන්ධානය ආසන 54ක් ජයග්‍රහණය කර ඇති අතර, වත්මන් අගමැති හයිදර් අල්-අබේදි ආසන 42ක් දිනාගෙන තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
කෙසේ වෙතත් දීර්ඝ කාලයක සිට ඇමෙරිකාවේ සතුරෙකු ලෙස කටයුතු කරන මොක්ටාඩාට මැතිවරණ ජයග්‍රහණයත් සමග තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නොමැති බවද කියයි.
නමුත්, නව රජයක් පිහිටුවීම සඳහා ඔහු ප්‍රබල දායකත්වයක් දැක්වීමට සූදානමින් සිටින බව ඉරාකයෙන් වාර්තාවෙයි.
2003දී ඉරාකය ආක්‍රමණය කළ ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව සටන් වැදුණු සටන් නායකයෙකු ලෙස කටයුතු කළ මෝකටාඩා, මෙවර මැතිවරණය වෙනුවෙන් පෙනී සිටියේ දූෂණයට එරෙහිවන්නෙකු ලෙසිනි.
එමෙන්ම, ඔහු ඉරානය දැඩිව විවේචනය කරන්නෙකු ලෙසද හැඳින ගැනෙයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඉරාකයේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් පරාජයට පත්වීමෙන් පසුව එරට පැවති ප්‍රථම මැතිවරණය ලෙස සැලකෙයි.
මේ අතර, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි සටනට ඉරාක සටන්කාමීන්ට සහාය දුන් ඇමෙරිකානු හමුදා සාමාජිකයන් 5,000ක් පමණ තවදුරටත් එරට තුළ රැඳී සිටින බව කියයි.