මේගන්ගේ පියාගේ භූමිකාව චාල්ස් කුමරු රඟ දැක්වීමට


බ්‍රිතාන්‍ය රාජකීය විවාහයේදී මේගන් මර්කල් අල්තාරය වෙත කැඳවාගෙන ඒම චාල්ස් කුමරු භාරගෙන තිබේ.

මෙම විවාහ මංගල උත්සවයට මේගන්ගේ පියා වන තෝමස් මර්කල් අසනීප තත්ත්වයක් හේතුවෙන් සහභාගී නොවන බව, ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මේගන් පවසා තිබුණත් එහි සැබෑ තත්ත්වය එයම නොවන බව කියැවේ.

මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වන මේගන්ගේ මව වූ ඩෝරි රෙග්ලෑන්ඩ් තමාගෙන් දික්කසාද වූ තෝමස් සමග එකට සිටීමට දැක්වූ අකැමැත්ත මේ සඳහා ප්‍රධාන හේතුව බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

ඒ අනුව, මේ අලුයට පැවති උණුසුම්කාරී තත්ත්වය මුදවා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ චාල්ස් කුමරුන්ය.

ඔහු මේගන්ගේ පියා වෙනුවෙන් මේගන් අල්තාරය වෙත රැගෙන යාමට ඉදිරිපත් වී ඇති අතර, අද (19දා) තවත් පැය කිහිපයකින් මේගන්, හැරීගේ අත ගන්නේ චාල්ස් කුමරුන් සමග පැමිණෙමිනි.

1_Charles 2 3 4



Recommended Articles