ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදික වේදිකාවක් වෙත මෝටර් රථයක් පදවා පුද්ගලයන් 14 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
මෙල්බර්න් නගර මධ්‍යයේ අතිශය කාර්ය බහුල හංදියක් ලෙස සැලකෙන ෆ්ලින්ඩර්ස් වීදියේදී මෙය සිදුව ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කියයි.
වික්ටෝරියා පොලීසියට අනුව මෙය හිතාමතා සිදුකළ ප්‍රහාරයක් විය හැකි බව විශ්වාස කළත්, තවමත් පරීක්ෂණ අවසන් නොමැති නිසා එය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න තහවුරු කර නොමැත.
අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන් අතර වාහනයේ රියදුරු සහ තවත් අයෙකු වෙති.
එමෙන්ම, සිද්ධියට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් ප්‍රධානී රසල් බැරට් මාධ්‍ය වෙත පවසා තිබේ.
කෙසේ වෙතත්, ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂයෙන්ම නත්තල් සමයේදී යුරෝපය ඇතුළු බටහිර ජාතීන් ඉලක්ක කර අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය පසුගිය වසරවල ප්‍රහාර දියත් කළ අතර, මෙම වසරේදී සිය හුදකලා වෘක්කයන් යොදාගෙන ප්‍රහාර දියත් කිරීම ඔවුන්ගේ සැලසුම වී ඇති බව බුද්ධි අංශ මීට පෙර අනතුරු අඟවා තිබුණි.