මෙක්සිකෝ ජලාශයක මත්ස්‍ය සංහාරයක්


මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රාන්තයේ කජිටිට්ලාන් ජලාශයේ ඉවුරු වෙත මිය ගිය මත්ස්‍යයින් දහස් ගණනින් ගසාගෙන පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ තත්ත්වය තුළ මියගිය මාළු ටොන් 50ක් පමණ ඉවත් කිරීමට ඔවුන්ට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මෙය ස්වභාවික තත්ත්වයක් බව ඇතැම් පිරිස් පවසා සිටියද, ජලායේ ජල කළමනාකරණයේ දුර්වලතා හේතුවෙන් මෙසේ මත්ස්‍යයින් දහස් ගණනින් මියගොස් ඇති බව පැවසෙයි.

දැනට ඉවුරු වෙත ගොඩ ගසන මත්ස්‍යයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරි දිනවලදී ගොඩගසනු ඇති බව කියැවෙයි.



Recommended Articles