මෙක්සිකෝ අවන්හලක් තුළ පිරිසක් ප්‍රාණ ඇපයට අරන්


මෙක්සිකෝවේ අවන්හලක සිටි පුද්ගලයන් පිරිසක් ආයුධ සන්නද්ධ පුද්ගලයන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට වඩාත් ප්‍රකට වෙරළබඩ සංචාරක පුරවයක පිහිටි අවන්හලක් තුළදී මෙම සිද්ධිය සිදුව තිබේ.

එරට බටහිර ජාලිස්කෝ ප්‍රාන්ත පොලීසිය විසින් එම කණ්ඩායමේ සිටි කාන්තාවන් සිව් දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමක් සිදුකරන අතර, ඔවුන් සිවුදෙනා මෙම කණ්ඩායමෙන් මිදී පළා යන හෝ ඔවුන් විසින් මුදාහැර ඇති බව විශ්වාස කෙරෙයි.

මෙක්සිකෝවේ වඩාත් ජනප්‍රිය පෝර්ටෝ වොලර්ටාස් සංචාරක ප්‍රදේශයද මේ ආසන්නයේ පවතින්නක් බව කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රාණ ඇපකාර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පුද්ගලයන් 16 දෙනෙකු පමණ ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටින බව මෙක්සිකෝ මාධ්‍ය අනාවරණය කර තිබේ.



Recommended Articles