මෙක්සිකෝවේ අතුරුදන් වූ සිසුන් ඉල්ලා රජයේ ගොඩනැගිලි ගිනි තබයි


මෙක්සිකෝවේ සිසු සිසුවියන් 43 දෙනෙකු අතුරුදන්වීමේ සිදුවීම මුල්කර ගනිමින් එරට ගුඑරේරෝ නගරයේ පළාත් පාලන ආයතනය ගිනිබත් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

සිය දහස් ගණනින් පැමිණි උද්ඝෝෂකයන් එම ගොඩනැගිල්ලට ගල්මුල්වලින් පහරදීමෙන් පසුව ඊට ගිනි තැබූ බව කියයි.

මෙම සිසුන් පිරිස පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ඉග්වාලා ප්‍රදේශයේදී අතුරුදන් වූයේ පොලීසිය සමග ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසුවය.

මෙම ගැටුමේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයන් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්විය.

විරෝධතාකරුවන් පවසන්නේ පොලීසිය විසින් මෙම සිසුන් එම ප්‍රදේශයේ මැර පිරිසකට භාරදී ඇති බවයි. මේ තත්ත්වය තුළ සිසුන්ගේ ජීවිත පිළිබඳ දැඩි අවධානමක් පවතින බව උද්ඝෝෂකයෝ කියති.



Recommended Articles