අප්‍රිකානු කලාපයේ සිටි එකම කාන්තා ජනපති නියෝජනය වූ මුරුසියේ අමීනාහ් ගුරීබ්-ෆාකිම් මූල්‍ය වංචා චෝදනාවක් හමුවේ සිය ධුරයෙන් ඉවත්ව යෑමට සූදානමින් සිටියි.
පුණ්‍ය ආයතනයක් විසින් ලබාදුන් බැංකු කාඩ්පතක් තම පෞද්ගලික අවශ්‍යතා පිරිමසා ගැනීමට පාවිච්චි කිරීමේ චෝදනාවට මුරුසි ජනපතිනිය ලක්ව සිටියි.
ලබන වසරේදී පැවැත්වීමට නියමිත මුරුසියේ 50 වැනි නිදහස් දින සැමරුමෙන් පසුව ඇය ධුරයෙන් ඉවත්ව යනු ඇති බව විදෙස් වාර්තා පවසා සිටියි.
කෙසේ වෙතත්, තමන් කිසිදු වරදක් සිදු නොකළ බව කියන ජනපතිනිය ඒ සියලු මුදල් යළි ලබාදුන් බවද සඳහන් කර ඇත.
එරට ජනපති ධුරයට පත්වීමට පෙර ප්‍රකට විද්‍යාඥවරියක ලෙස සේවය කළ ඇය 2015 වසරේ සිට මුරුසියේ ජනපති ධුරය හොබවයි. එරට ජනපති ධුරය යනු චාරිත්‍රානුකූල සම්මානිත තනතුරකි.
ඇයගේ ඉවත්වීම තහවුරු කර ඇති බව මුරුසි අගමැති ප්‍රවින්ද් ජගනූත් සඳහන් කර ඇති අතර, ඇය ධුරයෙන් ඉවත්ව යන දිනය මෙතෙක් තහවුරු කර නැත.