මුහුණු ආවරණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමේ තහනම ඉවතට


මුහුණු ආවරණය වන අයුරින් සම්ප්‍රදායික ඉස්ලාමීය ඇඳුමින් සැරසුණු මුස්ලිම් කාන්තාවන්ට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඇතුළු වීම වළක්වමින් මෑතකදී පනවා තිබූ තහනම ඉවත් කිරීමට එරට රජය කටයුතු කර තිබේ.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව මේ මස මුලදී කියා සිටියේ මුහුණ ආවරණය කර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට යමෙකු ඇතුළු වන්නේ නම් ඔවුන් මහජන ගැලරියෙන් ඉවත, වෙන්ව පිහිටා ඇති ස්ථානයක අසුන් ගත යුතු බවයි.

කෙසේ වෙතත්, මේ තුළින් මුස්ලිම් ජනතාව නොසලකා හැර ඇති බවට එරට රජයට චෝදනාවක්ද එල්ල විය.

ඒ අනුව, ඔස්ට්‍රේලියානු රජය විසින් මෙසේ තාවකාලිකව පනවා තිබූ තහනම ඉවත් කළද, යමෙකු සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි එරට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඊට ප්‍රථම සිය මුහුණ ආරක්ෂක අංශවලට පෙන්විය යුතු බවද අවධාරණය කර තිබේ.



Recommended Articles