මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 6ක් වෙත ඇමෙරිකාව පැනවූ සංචාරක තහනමට පසුව, එම රටවලින් වීසා ඉල්ලුම් කරන අය වෙත නව නිර්නායකයක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව, මෙම රටවලින් ඇමෙරිකාව වෙත වීසා ඉල්ලුම් කරන අයට ඇමෙරිකාව සමග ඉතා සමීප පවුලේ ඥාතී සම්බන්ධයක් හෝ ව්‍යාපාරික සම්බන්ධයක් පැවතිය යුතු වෙයි.
මෙම විසා තහනම හා ඒ හා බැඳුණු නිර්ණායක යොමුවූ රාජ්‍යයන් ලෙස ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය, ලෙබනනය සහ ඉරානය දැක්විය හැකිය.
මෙම සංචාරක තහනම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට ඉදිරිපත් කළ අවස්ථාවේදී එරට ෆෙඩරල් අධිකරණයක් විසින් එය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ඒ අනුව, ඇමෙකානු ජනාධිපතිවරයා මෙය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකළ අතර, එහිදී, අදාළ සංචාරක තහනමෙන් කොටසක් සඳහා අවසරය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීරණය කර තිබුණි.
ඒ අනුව, ඉදිරි දින 90ක කාලය සඳහා සංචාරක තහනමට ලක්වූ රටවල් 6න් කිසිවෙකු ඇමෙරිකාවට පැමිණෙන්නේ නම්, ඔහුට හෝ ඇයට ඇමෙරිකාව සමග සමීප ඥාති සම්බන්ධයක් එනම්, මව හෝ පියා, බිරිඳක් හෝ ස්වාමියා, දරුවෙක්, බෑනා හෝ ලේලිය නැත්නම් මුණුබුරු මිණිබිරියක ආදී වශයෙන් ඥාති සම්බන්ධයක් පැවතීම අනිවාර්යය වෙයි.
මෙහිදී, සමීප ඥාතීත්වයට ආච්චි හෝ සීයා, නැන්දා, මාමා ඇතුළු ඉන් ඔබ්බට වන ඥාතීන් අයත් නොවන බවද කියැවෙයි.
මේ අතර, ඇමෙරිකාව සමග ව්‍යාපාරික හා අධ්‍යාපනික වශයෙන් සමීප සබඳතා ඇති එම රටවලට අයටද වීසා අයදුම් කිරීමේ බාධාවක් නොවන බව කියයි.
කෙසේ වෙතත්, එසේ අදාළ නිර්නායකයන්ට අයත් වුවද, ඔවුන් මෙම නිර්නායක තහවුරු කිරීම සඳහා පිළිගත හැකි සාක්ෂි ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.