ඉන්දියාවේ කුලහීන දාලිත් ප්‍රජාව එරට මූල්‍ය අගනගරය ලෙස සැලකෙන මුම්බායි නුවර දහස් ගණනින් රැස්වී සිදුකළ විරෝධතා හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා අඩාල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ හේතුවෙන් දුම්රිය වාර කිහිපයක්ම අවලංගු කිරීමට සිදුව ඇති අතර, බස් රථ රැසකට විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්වීමෙන් හානි වී තිබේ.
ගැටුම් හේතුවෙන් මුම්බායි නුවර පාසල් රැසක් වසා දමා තිබූ අතර, මේ ආකාරයේම විරෝධතාවක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේද සිදුව තිබේ.
ඉන්දියාවේ උසස් කුලයන්ගේ හින්දූන් විසින් සිදුකරන ප්‍රචණ්ඩක්‍රීයාවලට එරෙහිව මෙම කුලහීනයන් විරෝධතා දක්වා ඇති අතර, විරෝධතාකරුවන් 100ක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.