ඉන්දියාවේ, මුම්බායි නගරයේ වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මුම්බායි නගරයේ ජනප්‍රිය අවන්හලක් වන කමාලා මිල්ස් අවන්හලද පවතින වෙළෙඳ සංකීර්ණයක් තුළ මෙම ගින්න හටගෙන ඇති අතර, විනාඩි 30ක කාලයක් තුළ ගින්න විසින් සම්පූර්ණයෙන්ම වෙළෙඳ සංකීර්ණය වෙලාගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම ගින්නට මැදිවී තවත් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් කිහිප දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ගොඩනැගිල්ලේ ඉහළම මහලේ සඳලු තලය සහිත කොටසෙහි ඇති වන් අබවු රෙස්ටොරන්ට් එක තුළින් මුලින්ම ගින්න ඇරඹී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ගොඩනැගිල්ලේ සිටි බොහෝ දෙනෙකු එහි වූ නානකාමර හා වැසිකිලි තුළට වැදී ජීවිත බේරාගැනීමට උත්සාහ කර තිබුණත්, ඔවුන් වැඩි දෙනෙකු ඒ තුළම ගින්නට කොටුවී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රෝහල් ආරංචි මාර්ගවලට අනුව මියගිය අයගෙන් වැඩිදෙනා ගින්නත් සමග ඇති වූ අධික දුමාරය හේතුවෙන් හුස්ම හිරවී ජීවිතක්ෂයට පත්වූවන් බව කියයි.
ඉහළ මහලේ රෙස්ටොරන්ට් එක තුළ සිය 28 හැවිරිදි උපන්දිනය සැමරූ තරුණියක්ද මෙම ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය වැඩිදෙනා ඇගේ උපන්දින සාදයට පැමිණි තරුණියන් හා කාන්තාවන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.