මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටී ජීවිත හානි 8ක්


ඉන්දියාවේ මුම්බායි නුවර මහල් හතරක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ජීවිත හානි 8ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිට ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් ඇරඹී ඇති අතර, 15 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.

මෙම ගොඩනැගිල්ලේ එක් කොටසක් හෙද නිවාසයක් ලෙස භාවිත කරමින් පැවතියත්, මෙය කඩා වැටෙන අවස්ථාවේදී එම කොටස ප්‍රතිසංස්කරණය කරමින් සිටි නිසා එහි කිසිවෙකු නොසිට ඇති බව විශ්වාස කෙරෙයි.

කෙසේ වෙතත්, ගොඩනැගිල්ලේ සෙසු මහල්වල පවුල් කිහිපයක් ජීවත් වී ඇති අතර, තවත් පුද්ගලයන් 10 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බව විශ්වාස කෙරෙයි.

ඉන්දියාව තුළ මෙවැනි ගොඩනැගිලි අනතුරු දුලභ කාරණයක් නොවන්නේ, මෝසම් වැසි ඇදහැළෙන කාල වකවානුවලදී නිසි ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි කඩා වැටෙන බැවිනි.



Recommended Articles