මුකේෂ් අම්බානිට දිල්ලි මහ ඇමතිගෙන් දූෂණ චෝදනා


ඛනිජ තෙල් කටයුතු සහ ගෑස් සම්බන්ධ අමාත්‍යවරු සමග එකතුව, ගෙවිය යුතු මුදලට වඩා දෙගුණයක් පාරිභෝගිකයන්ගෙන් අය කරන බව පෙන්වා දෙමින්, ඉන්දියාවේ ගෑස් මිල සම්බන්ධයෙන් රටේ ඉහළම ධනවතා සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකුට විරුද්ධව පරීක්ෂණ සිදුකරන ලෙස දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අවධාරණය කරයි.

දිල්ලි මහ ඇමතිවරයා මෙසේ චෝදනා එල්ල කරන්නේ, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති මුකේෂ් අම්බානිටය. කෙසේ වෙතත් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය වීරප්පා මොයිලි, මහ ඇමතිවරයා දේශපාලනයට ආධුනිකයකු බව ඉඟිකර තිබේ.

"ආණ්ඩුවක කටයුතු සිදුවන්නේ කොහොමද, මේවා කරන්නේ කොහොමද කියා ඔහු දැනගත යුතුයි. මා හිතන්නේ විශේෂඥ උපදෙස් නොමැතිව මේ කිසි දෙයක් කරන්න බැහැ" යනුවෙන් අමාත්‍යවරා මහ ඇමතිවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.

කෙසේ වෙතත් දූෂණයට තිත තබමින්, දූෂණයට එරෙහි මැතිවරණය ව්‍යාපාරයක් තුළ දිල්ලි මහ ඇමති දක්වා ගමන් කල අරවින්ද් කෙජ්රිවාල්ගේ අභියෝගයන්ද සුළුපටු නොවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මහ ඇමතිවරයා මේ වනවිට රටේ ඉහළම පැලැන්තියට පවා එරෙහිව නොබියව හඬ නැගීම තුළින් සිය ව්‍යාපාරය පුළුල් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.



Recommended Articles