මිලාන් කොකේන් රජු ඉතාලියට පිටුවල් කිරීමට උරුගුවේ සූදානම්


මිලාන් හි කොකේන් රජු ලෙස ප්‍රසිද්ධියට පත් ප්‍රකට මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු වූ රොක්කෝ මොරාබිටෝ යළි ඉතාලියට පිටුවහල් කිරීමට උරුගුවේ රාජ්‍ය එකඟ වී තිබේ.

උරුගුවේ හි පුන්ටා ඩෙල් එස්ටේ නගරයේදී පසුගිය වසරේදී මොහු අත්අඩංගුවට පත්වූ අතර, ව්‍යාජ හැඳුනුම්පතකින් දශකයකට අධික කාලයක් ඔහු එහි ජීවත්ව ඇති බව පසුව සොයා ගැනුණි.

ඩ්‍රැන්ගේටා මත්ද්‍රව්‍ය කාර්ටලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මොහු වර්ෂ 1995 සිට ඉතාලියට අත්‍යවශ්‍යම ලැයිස්තුවේ සිටි පුද්ගලයෙකි.

කෙසේ වෙතත්, ඔහු පිටුවල් කිරීමේ තීරණය වෙනුවෙන් අපෑලක් ඉදිරිපත් කිරීමට ඔහු සූදානම් වන බව උරුගුවේ හි ඔහුගේ නීතීඥයන් පවසා තිබේ.

කෙසේ වෙතත්, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමේ ප්‍රකට විනිසුරුවෙකු විසින් ඔහු පිටුවහල් කිරීමේ තීරණය පසුගිය සතියේදී ලබාදී තිබුණි.

1_rocco



Recommended Articles