මියන්මාර ජනපති ධුරයට වින් මයින්ට් තේරී පත්වේ


මියන්මාරයේ මීළඟ ජනපතිවරයා ලෙස වින් මයින්ට් තේරාපත්කර ගැනීමට එරට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.

මියන්මාරයේ හිටපු ජනපතිවරයා අසනීප තත්ත්වය හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.

එරට නිල නොලත් නායිකාව ලෙස සැලකෙන අවුන්ග් සාන් සුඛීගේ සමීපතමයෙකු ලෙස සැලකෙන නව ජනපතිවරයා, 2012 වසරේ සිට එරට පහළ මන්ත්‍රී මණ්ඩයේ කතානායකවරයා ලෙස කටයුතු කළේය. එමෙන්ම, ඔහු මීළඟ ජනපති ධුරය සඳහා පත්වනු ඇති බවට බොහෝ දෙනා තුළ විශ්වාසයක්ද විය.

කෙසේ වෙතත්, එරට ජනපතිවරයාගේ භූමිකාව සම්පූර්ණයෙන්ම පාහේ සම්ප්‍රදායට පමණක් සීමා වූ භූමිකාවක් වන අතර, අවුන්ග් සාන් සුඛී නිල නොලත් ජනපතිනිය ලෙස කටයුතු කරමින් සිටියි.

පසුගිය සතියේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූ හ්ටින් ක්යෙව් මෑත කාලයේදී දැඩිව රෝගාතුරව සිටීම ඔහුගේ ඉවත්වීමට හේතුව විශ්වාස කෙරිණි.

ඒ අනුව, නව ජනපතිවරයෙකු පත්කර ගැනීමට එරට පාර්ලිමේන්තුව දින හතක කාලයක් ලබාදී තිබුණි.

1_Myannmar

නව ජනපති වින්, සුඛී සමග...

2 3

හිටපු ජනපති හ්ටින්



Recommended Articles