මියන්මාර ජනගහනය මිලියන 9කින් අඩුවෙලා


දශක තුනකට පසුව මියන්මාරයේ සිදුකළ ජන සංගණනයෙන් පසුව ඔවුන් පුරෝකථනය කළ ජනගහනයට වඩා මිලියන 9කින් ජනගහනය අඩු බව සනාථ වී තිබේ.

අවසන් වරට මියන්මාරයේ ජන සංගණනයක් සිදුකර ඇත්තේ වර්ෂ 1983 වසරේදීය.

එදා සිට මේ වනවිට මියන්මාරයේ ජනගහණය මිලියන 60ක් ලෙස රජය ඇස්තමේන්තු කර තිබුණි.

කෙසේ වෙතත්, මියන්මාර සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල සිදුකළ ජනසංගණනයෙන් පසු එහි දළ තොරතුරු අනුව මියන්මාරයේ සැබෑ ජනගහනය මිලියන 51ක් බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, මියන්මාරයේ ජනවර්ග හා ආගම් සංයුතිය පිළිබඳ තොරතුරු තවම ඉදිරිපත් කර නොමැති බවත්, ඒවා ලබන වසරේදී ඉදිරිපත් වනු ඇති බවත් පැවසෙයි.



Recommended Articles