මියන්මාර ගුවන් අනතුරට හේතුව අයහපත් කාලගුණය


මියන්මාරයේ පසුගිය මාසයේ ජීවිත 122ක් අහිමි කරමින් සිදුවූ ගුවන් අනතුරට හේතුව අයහපත් කාලගුණය බව එරට බලධාරීහු පවසති.

පසුගිය ජූනි මස 07 වැනිදා අන්දමන් මුහුදේදී චීනයේ නිෂ්පාදිත මෙම ගුවන් යානය අනතුරට පත්වූ අතර, ඉන් යානයේ ගමන්ගත් කිසිවෙකුවත් ජීවිතය බේරාගෙන නොතිබුණි.

ඝන වළාකුළුවලින් සෑදුණු කුණාටුවකට යානය හසුවීමත් සමග ගුවන් නියමුවාට යානය පාලනය කරගැනීමට නොහැකි වී ඇත.

එම ඝන වළාවන් සමග යානයේ පියාපත් මත ඇති වූ අයිස් මෙන්ම, ක්ෂණික හා වේගවත් සුළං දහරාව හේතුවෙන් යානයේ එන්ජිම ඇණහිට තිබේ.

මෙම ගුවන් අනතුර මියන්මාර ගුවන් ඉතිහාසයේ අතිශය දරුණුතම අනතුරක් ලෙස ඉතිහාසගත වෙයි.

මෙම යානයේ කළු පෙට්ටිය ඇසුරෙන් සිදුකරන ලද පරීක්ෂණයන්ට අනුව මෙය ත්‍රස්ත ක්‍රියාවක්, පිපිරීමක් හෝ එන්ජිම ඇණහිටීමක් නොවන බවද මියන්මාර බලධාරීහු පවසති.

මයීකි සිට යැන්ගෝන් දක්වා පියාසර කරමින් තිබියදී යානය අනතුරට ලක්වූ අතර, එහි සුන්බුන් දවායි නගරයට ආසන්න මුහුදේ තිබී සොයා ගැනුණි.



Recommended Articles