මියන්මාරයේ ශිෂ්‍ය උද්ඝෝෂණයකදී පොලිස් අත්අඩංගුවට පත් ශිෂ්‍යයන් සහ ක්‍රියාධරයන් 65 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව රාජ්‍ය සේවකයන්ට නින්දා කිරීම, විසිර යාමට දුන් අණ නොපිළිපැදීම, රජයට නිග්‍රහ කිරීම සහ කැරලි කෝලාහලවලට උල්පන්දම් දීම යන චෝදනා ගොනුවී තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම චෝදනා ඔප්පු වුවහොත් ඔවුනට වසර 9ක් දක්වා සිර දඬුවම් හිමි වනු ඇති බවයි.
වත්මන් මියන්මාර රජය විසින් හඳුන්වා දෙනු ලැබූ නව අධ්‍යාපන පනත මගින් නිදහස් අධ්‍යාපනය කප්පාදු වන බව පවසමින් ශිෂ්‍යයෝ මෙසේ උද්ඝෝෂණය කළහ.