මියන්මාරය සිරකරුවන් 7000ක් නිදහස් කරයි


විදේශිකයන් 210ක් ඇතුළු සිරකරුවන් 6,966 දෙනෙකුට සමාව දී ඔවුන් නිදහස් කිරීමට මියන්මාර රජය කටයුතු කර තිබේ.

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මානුෂීය පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව එරට තොරතුරු අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්, නිදහස ලැබූවන් අතර මියන්මාරයේ දේශපාලන සිරකරුවන් සිටින්නේද යන්න පැහැදිලි නැති බවද කියැවෙයි.



Recommended Articles