මියන්මාරය බංග්ලාදේශය සමග ඇති දේශසීමා තර කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශය උදහසට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම මියන්මාරයේ සිටි රොහින්ග්‍යා පිරිස් බංග්ලාදේශයට බලාපෑමෙන් පසුව ඔවුන් රැඳී සිටින දේශසීමා ආසන්නයෙන් මියන්මාර හමුදා ශක්තිය වැඩිකරමින් සිටින බව කියයි.
මෙම රටවල් දෙක යා කෙරෙන පටු දේශසීමාවක තවමත් 5,000ක පමණ සරණාගතයන් පිරිසක් රැඳී සිටින බව පෙන්වා දෙන එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ පසුගිය වසරේදී ලක්ෂ හතකට ආසන්න රොහින්ග්‍යා පිරිසක් බංග්ලාදේශයට පළා ආ බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී දේශසීමාවේ මියන්මාර හමුදාවේ විශාල පිරිසක් දැකගැනීමට ලැබීම හේතු කොටගෙන මෙම අදහස මතුකර තිබුණත්, මියන්මාරය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
මියන්මාරයේ රඛයින් පළාතේ සිටි රොහින්ග්‍යා පිරිස් පසුගිය වසරේදී එම පළාතෙන් පළායනු ලැබුනේ, රොහින්ග්‍යා ගලවාගැනීමේ හමුදාව නැමති ත්‍රස්ත කණ්ඩායම විසින් එරට පොලිස් ස්ථාන රැසක් ඉලක්ක කොට එකවර ප්‍රහාරයක් දියත් කිරීමත් සමගිනි.
කෙසේ වෙතත්, මෙම ත්‍රස්තයන් මර්දනය කිරීම සඳහා මියන්මාරය ක්ෂණිකව ඇරඹූ මෙහෙයුම හමුවේ රොහින්ග්‍යා සාමාන්‍ය වැසියන්ටද උන්හිටි තැන් අහිමි විය.
මේ තත්ත්වය ලෝකය විසින් මියන්මාරය වෙතම වරද පටවා අත පිසදමා ගැනීමේ න්‍යායක සිටියත්, මියන්මාරය තවමත් තම රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටියි.