මියගිය පවුලේ සුරතලා රැට්-කොප්ටරයෙන් එයි


පවුලේ සුරතල් සතෙකු මිය ගියපසු සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට දරාගත නොහැකි වියෝවක් ඇතිවන බව පැවසිය යුතු නොවේ.

ඒ ආකාරයෙන්ම, තම සුරතල් මීයා මරණයට පත්වීම නිසා දුකට පත් 13 හැවිරිදි නෙදර්ලන්ත ජාතික දරුවකුගේ දුක තුනී කර, ඔහුට තම සුරතල් සමග නැවතත් සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලබාදී ඇති පුවතක් වාර්තා වෙයි.

ඒ අනුව, මියගිය මීයාගේ සිරුර තුළට පුළුන් පුරවා එය සංරක්ෂණය කොට පියාසර කරන හෙලිකොප්ටරයක් නිර්මාණය කර එය රැට්-කොප්ටරය ලෙස නම් කර තිබේ.

දරුවාගේ දුක තුනී කිරීමේ අභිලාෂයෙන් මෙම විශේෂ හෙලිකොප්ටරය නිර්මාණය කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික පර්යේෂකයන් දෙදෙනෙකු විසිනි.



Recommended Articles