මිනිසුන් සහිත රොකට්ටුවක් චීනය අභ්‍යවකාශගත කරයි


චීනයේ අභ්‍යවකාශ තරණය තවදුරටත් සංවර්ධනය කිරීමේ හැකියාව ප්‍රකට කරමින් මිනිසුන් සහිත රොකට්ටුවක් කක්ෂගත කිරීමට එරට කටයුතු කර තිබේ.

උතුරුදිග චීනයේ, ජියුකුවාන් චන්ද්‍රිකා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට චීන ජාතික ගගනගාමීන් දෙදෙනෙකු මෙසේ අභ්‍යවකාශයට පිටත්ව ගොස් තිබුණි.

මෙම පිරිස චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියෑන්ගොන්ග් 2 හි නවාතැන් ගෙන දින 30ක කාලයක් එහි රැඳී සිටිමින් පර්යේෂණවල නිරත වීමට කටයුතු කරන අතර, ඔවුන් වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින චීන ගගනගාමීන් දෙදෙනාද විය හැකි බව කියැවෙයි.

ඒ අනුව, චිනය විසින් සිදුකරන මෙම අභ්‍යවකාශ තරණය හා මීට පෙර සිදුකළ අභ්‍යවකාශ තරණය ඔවුන් සඳු හා අඟහරු වෙත මිනිසුන් රැගෙන යාමේ නිමිති පෙන්වන්නක් බවද විදෙස් වාර්තා පවසයි.

මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටි චීන ගගනගාමීන් දෙදෙනා 49 හැවිරිදි ජින්ග් හෙයිපෙන්ග් හා 37 හැවිරිදි චෙන්ග් ඩොන්ග් ය. හෙයිපෙන්ග් මීට පෙර අවස්ථා දෙකකදී අභ්‍යවකාශ තරණය කළ ගගනගාමියෙකු බවද කියයි.



Recommended Articles