මිත්‍ර සංග්‍රහ කළ ද කොරියානු ජනපතිනිය මංචු පිටින් උසාවි


දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනී පාර්ක් ග්වෙන්-හයි තමා වෙත එල්ල වන දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරු බව එරට අධිකරණය හමුවේ පවසා සිටියාය.

බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනාධිපතිනියට එරෙහිව අල්ලස් ලබාදීම, රාජ්‍ය බලය අයුතු ලෙස පරිහරණය සහ රජයේ රහස්‍ය තොරතුරු පිටස්තරයන් අතට පත්කිරීම යන චෝදනා එල්ල වූ අතර, ඒ යටතේ පසුගිය මාර්තුවේදී ඇය අත්අඩංගුවට පත්විය.

එසේ අත්අඩංගුවේ පසුවන හිටපු ජනාධිපතිනිය අද (23දා) දෑතේ මංචු ද සමගින්, බන්ධනාගාර වෑන් රථයකින් අධිකරණ භූමිය වෙත රැගෙන ආ බව විදෙස් වාර්තා පවසයි.

දකුණු කොරියානු නීතියට අනුව දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට ලබාදෙන ඉහළ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි.

හිටපු නායිකාව, ඇගේ සමීප මිතුරියක වූ චොයි සූන්-සිල් සමග එක්ව දේශපාලන හිතෛශීභාවය වෙනුවෙන් එරට ප්‍රමුඛතම සමාගම් කිහිපයකින් බලහත්කාරයෙන්ම මුදල් ලබාගෙන ඇති බව මේ වනවිට ඇයට එරෙහිව නැගෙන ප්‍රබල චෝදනාවකි.

ඒ අනුව, ජනපතිනියගේ මිතුරියද මෙම නඩු විභාගය ඇරඹෙන විට පාර්ක් ග්වෙන් හයි සමග ඊට මුහුණදුන් අතර, ඇයද අධිකරණය හමුවේ කියා සිටියේ තමන් එල්ලවන සියලු චෝදනාවන්ට නිවැරදිකරු බවයි.



Recommended Articles