මැසිඩෝනියා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් - 10ක් තුවාලයි


මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුවට වාර්ගික ඇල්බේනියානුවෙකු තේරීපත්වීමත් සමග පාර්ලිමේන්තුව ප්‍රචණ්ඩ උද්ඝෝෂණයක් ඇති වී තිබේ.

මෙම උද්ඝෝෂණයත් සමග ඇති වූ ගුටිබැට හුවමාරුව හේතුවෙන් සභිකයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා තිබූ අතර, සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නායක සෝරෑන් ලේ වැගිරෙමින් පාර්ලිමේන්තුවෙන් ඉවතට යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම උද්ඝෝෂණයට සහභාගී වූ විරෝධතාකාර සභිකයන් හිටපු අග්‍රාමාත්‍ය නිකෝලා ගෘවෙස්කිස්ගේ වෙම්රෝ පක්ෂයට සහාය දැක්වූවන් බව කියයි.

පැරණි යුගොස්ලෝවියානු රාජ්‍යයක් වන මැසිඩෝනියාව පසුගිය දෙසැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් පසුව සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වී තිබේ.

නමුත්, මෙම අර්බුදය මැතිවරණයට පෙර සිටම පැවති අතර, මීට වසර දෙකකට පමණ පෙර සිදුවූ දුරකථන සංවාද රහසේ සවන්දීමේ සිද්ධියක් මීට මූලික වී තිබුණි.

ඒ අනුව, සෝරැන් එරට වාර්ගික ඇල්බේනියානුවන් සමග එක්ව සන්ධානයක් ඇති කරගත්තත්, ඔහුට රජයක් පිහිටුවීමට ඇති අවස්ථාව වත්මන් ජනාධිපතිවරයා විසින් අවුරාලමින් තිබෙන බව කියැවෙයි.

මෙම ගැටුම වඩාත් දරුණු තත්ත්වයක් දක්වා ඇදී මෙම පසුබිම හේතු වූ බව සඳහන් වෙයි.



Recommended Articles