මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇති බව එරට ආගමන විගමන බලධාරීහු පවසති.
හිටපු අගමැතිවරයා සිය බිරිඳ සමග විදෙස් නිවාඩුවක් ගත කිරීමට යෑමට සූදානම් වන බව සැලවීමත් සමග මෙම තහනම පනවා තිබේ.
මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ චෝදනා ලැබූ හිටපු අගමැති නජීබ් නායකත්වය දැරූ බාරිසාන් ජාතික ලිගය පසුගියදා පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.
මැලේසියාවේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ මහතීර් මොහොම්ඩ් හමුවේ නජීබ් පරාජයට පත්වූ අතර, නව අගමැතිවරයා ලෙස තේරීපත් මහතීර් පවසා සිටියේ නජීබ්ගේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ඉදිරියේදී සිදුවනු ඇති බවයි.