මැලේසියාවේ ස්ත්‍රී පිරිමින්ට බලධාරීන්ගෙන් හිරිහැරලු


මැලේසියාව තුළ ස්ත්‍රීන් ලෙස ජීවත් වීම තෝරා ගත් පිරිමින්ට එරට බලධාරීන්ගෙන් නිතර හිරිහැර සිදුවන බව වාර්තා වෙයි.

විශේෂයෙන් මැලේසියාවේ ආගමික පොලිසිය මෙවැනි පුද්ගලයන්ට ශාරීරික මෙන්ම ලිංගික වශයෙන් අඩන්තේට්ටම් කරන බව හියුමන් රයිට් වොච් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා පවසයි.

එහිදී, මුස්ලිම් පිරිමින්ට ස්ත්‍රී ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීම මැලේසියාවේ බොහෝ පළාත්වල නීතියෙන් තහනම් ඇති නමුත්, නීතියෙන් එය පැහැදිළි කර නොමැති බවට ඔවුන් චෝදනා කරයි

ඒ අනුව, මෙම ප්‍රතිපත්තියට එරෙහිව මැලේසියාවේ ප්‍රථම වතාවට නඩුවක් ගොනු කර ඇති බවද, මේ සම්බන්දයෙන් ප්‍රතිචාර දැක්වීම මැලේසියානු රජය ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.



Recommended Articles