මැලේසියානු හිටපු අගමැති නජීබ්ගේ නිවස සෝදිසියට


මැලේසියානු මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ එරට හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවස පොලීසියේ සෝදිසියට ලක්ව තිබේ.

මැලේසියානු මාධ්‍ය වාර්තා කළ ආකාරයට ඊයේ (16දා) රාත්‍රිය උදාවෙත්ම පොලිස් රථ කිහිපයක්ම ඔහුගේ නිවස වටා ගැවසෙමින් තිබී ඇත.

මේ අතර, නව අගමැති ධුරයට පත් මහතීර් මොහොමඩ් මීට පෙර පවසා තිබුණේ, නජීබ් සම්බන්ධයෙන් ඇති දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගය යළි කැඳවිමේ හැකියාව තමන් සොයා බලන බවයි.

මේ අතර, හිටපු අගමැතිවරයා තමාට එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. නමුත්, මේ වනවිට ඔහුට එරෙහිව රටින් පිටවීමේ තහනමක්ද පනවා තිබේ.

පසුගිය සතියේ මැතිවරණය පරාජයට පත්වීමත් සමග ඔහු බිරිඳ සමග රටින් පිටවීමේ උත්සාහයක යෙදුණත් එය සාර්ථක නොවීය.

මේ අතර, ඊයේ රාත්‍රියේදී නජීබ්ගේ නිවසේ හදිසි සෝදිසියක් සිදුවූ බව පොලීසිය තහවුරු කළත්, ඒ පිළිබඳ වැඩි විස්තර පොලීසිය විසින් ලබා නොදුන් බව මැලේසියාවේ නිව් ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පත පවසයි.

1_Malaysia 2



Recommended Articles