මැලේසියානු ගුවන් සේවයේ රැකියා 6000ක් කපයි


මැලේසියානු ගුවන් සේවයේ රැකියා 6,000ක් කප්පාදු කිරීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම වසර තුළ දැවැන් අර්බුදයකට ලක්ව ඇති ගුවන් සමාගම යළි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම රැකියා කප්පාදුව සිදුවන බව පැවසෙයි.

මේ ප්‍රතිසංස්කරණ සමග ගුවන් සමාගම සම්පූර්ණයෙන්ම රජයට පවරාගැනීමක් සිදුවන බවත්, නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් ගුවන් සමාගම වෙත පැමිණෙනු ඇති බවත් කියැවෙයි.

MH370 මැලේසියානු ගුවන් යානය පසුගිය මාර්තු 08 වැනිදා අතුරුදන් වූ අතර, එම යානය පිළිබඳ තවම තොරතුරක් නොවීමත්, MH17 යානය නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව කඩා වැටීමත් යන සිදුවීම් සමග එම සමාගම මෙම දැවැන්ත අර්බුදයට ලක්ව සිටී.



Recommended Articles