මැලේසියානු ගුවන් සේවය තවදුරටත් පාඩු ලබලා


මැලේසියානු ගුවන් සේවය මෙම වසරේ දෙවැනි භාගය වනවිට තවදුරටත් අලාභ ලබමින් පවතින බව වාර්තා වෙයි.

ඔවුන්ගේ නවතම වාර්තාවකින් පෙන්වා දෙන්නේ ගුවන් සේවය වෙත මගීන් යොමුවීමේ දැවැන්ත පසුබෑමක් පවතින බවයි.

ජූනි මාසයෙන් අවසන් වන ගුවන් සේවයේ දෙවැනි කාර්තුවේ ශුද්ධ අලාභය ඇ.ඩො.මිලියන 307ක් බව එම නවතම වාර්තාවෙන් දැක්වෙයි.

MH370 ගුවන් යානය ඉන්දියන් සාගරය ආශ්‍රිතව අතුරුදන්වීමත්, අනතුරුව MH17 යානය නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වීමත් නිසා එහි සේවා ලබාගැනීමට වැඩි දෙනෙකු පසුබට වන බව කියැවෙයි.

 



Recommended Articles