මැලේසියානු අගමැති සටනට නැවතත් මහතීර් මොහොමඩ්?


දීර්ඝ කාලයක් මැලේසියාව පාලනය කළ හිටපු අගමැති මහතීර් මොහොමඩ් යළිත් වරක් මැලේසියානු අගමැති ධුරය සඳහා තරග කිරීමට සූදානම් වෙයි.

එරට විරුද්ධ පක්ෂ සන්ධානය විසින් එළැඹෙන මහ මැතිවරණය සඳහා විරුද්ධ පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස 92 හැවිරිදි වියේ පසුවන මහතීර් මොහොමඩ් නම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

2003 වසරේදී බලයෙන් ඉවත් වූ ඔහු, දශක දෙකකට අධික කාලයක් මැලේසියාව පාලනය කරනු ලැබීය.

යම් ලෙසකින් ඔහු ජයග්‍රහණය කළහොත්, මහතීර් ලෝකයේ වයස්ගතම නායකයා බවට පත්වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

1_Mahathir



Recommended Articles