මැල්වෙයාර් එකක් ඉන්දීය ඩෙබිට් කාඩ් ආරක්ෂාව බිඳී


ඉන්දියාවේ ප්‍රමුඛතම බැංකු කිහිපයක මිලියන 3.2ක් පමණ වන ඩෙබිට් කාඩ් ප්‍රමාණක ආරක්ෂාවේ හිදැසක් හේතුවෙන් එම බැංකු හදිසි ආරක්ෂණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ඒ අනුව, ඇතැම් බැංකු විසින් සිය ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂණ කේත වෙනස් කිරීමට පියවර ගෙන ඇති අතර, තවත් ඩෙබිට් කාඩ් රැසක් මාරු කර අලුත් කාඩ්පත් නිකුත් කිරීම සහ පැරණි කාඩ්පත් අවහිර කිරීම සිදුකර තිබේ.

බැංකු ඒ.ටී.එම්. පද්ධතිය වෙත බලපෑ මැල්වෙයාර් එකක් මෙම ආරක්ෂක හැදැසට හේතු වී ඇති අතර, ඇතැම් ගනුදෙනුකරුවන් චෝදනා කර ඇත්තේ තම ගිණුම්වලින් විශාල මුදල් ප්‍රමාණයක් දැනටමත් අතුරුදන්ව ඇති බවයි.

ඉන්දීය බැංකු විසින් දැනට ඩෙබිට් කාඩ් මිලියන 700ක් නිකුත් කර තිබේ.



Recommended Articles