මැන්ඩෙලා අල්ලන්න CIA ඔත්තු සපයලා


හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා වර්ෂ 1962 දී අත්අඩංගුවට පත්වීම ඇමෙරිකානු බුද්ධි අංශ නියෝජිතයෙකුගේ ඔත්තුවක් මත සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

ඇමෙරිකාවේ හිටපු සී.අයි.ඒ. බුද්ධි නිලධාරියෙකු වූ ඩොනල්ඩ් රිකාඩ් සමග සිදුකළ පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිව තිබේ.

දකුණු අප්‍රිකාවේ පලානය සියතට ගත් සුළුතර සුදු ජාතිකයන්ට එරෙහි අරගලය හේතුවෙන් වසර 27ක් මැන්ඩෙලා සිරබත් කෑ අතර, වර්ෂ 1990 දී ඔහු නිදහස් කෙරිණි.

මේ තත්ත්වයත් සමග මැන්ඩෙලාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ සී.අයි.ඒ. සංවිධානයේ ලිපිගොනු ප්‍රසිද්ධ කරන ලෙසට එම සංවිධානය වෙත පීඩනයක්ද එල්ල වී තිබේ.



Recommended Articles