මැන්චෙස්ට් ප්‍රහාරකයා ගැන අනතුරු ඇඟවීම් නොසලකුවාද?


මැන්චෙස්ටර් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සල්මන් අබේදි පිළිබඳව පසුගිය මාස 06ක කාලය තුළ අවස්ථා තුනකදී ජනතාවගෙන් ලැබුණු අනතුරු ඇඟවීම් සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්. ඔහුගේ මූලධර්මවාදී අදහස් පිළිබඳව ජනතා අනතුරු ඇඟවීම් ලැබුණත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියාකාර ඇති ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරඹීමට බ්‍රිතාන්‍යයේ එම්15 ආරක්ෂක සේවය කටයුතු කරයි.

මේ අතර, බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු ලේකම් ඇම්බර් රූඩ් පවසා සිටියේද එම්15 සඳහා එවැනි පරීක්ෂණයක් සිදුකිරීමේ අයිතියක් පවතින බවයි.

මේ වනවිට මෙම ප්‍රහාරයට සම්බන්ධකම් පැවැත්වූයේ යැයි කියන පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුවෙයි.

ඉරිදා දිනයේදීද මැන්චෙස්ට් හිදී වයස අවුරුදු 19 ක හා 25ක තරුණයන් දෙදෙනෙකු අත්අංඩගුවට පත්ව තිබුණි.

මැන්චෙස්ටර් නුවර පැවති අරියානා ග්‍රැන්ඩේ සංගීත ප්‍රසංගය නිමවී පිටව යන තරුණ පිරිස් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර, ප්‍රහාරයෙන් කුඩා දරුවන්ද ඇතුළුව 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එමෙන්ම, මේ වනවිටත් 54 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගෙන් 19 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles