මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධ බුද්ධි තොරතුරු ඇමෙරිකානු මාධ්‍ය රහසේ හෙළිදරව් කරගැනීම දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් බව ජනපති ට්‍රම්ප් පවසයි.
ජනාධිපතිවරයා පවසන්නේ ඔවුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුකර ඇති බවයි. ඒ අනුව, මෙම තොරතුරු මාධ්‍ය වෙත හෙළිදරව් වීම දැඩි විමර්ශනයකට ලක්විය යුතු බව ඔහුගේ අදහසයි.
පසුගිය සඳුදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ මැන්චෙස්ටර් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරුණ පිරිසක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අතිශය රහස්‍ය ඡායාරූප පෙළක් ඇමෙරිකානු මාධ්‍යයේ වාර්තා වීමත් සමග මෙම අර්බුදය ඇති විය.
සල්මන් අබේඩි නමැති ඉස්ලාම් අන්තවාදියා විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 116ක් තුවාල ලැබීය.
මෙම ප්‍රහාරය සම්බන්ධ බුද්ධි තොරතුරු බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විසින් ඇමෙරිකානු බුද්ධි අංශ වෙත හුවමාරු කරගෙන ඇති අතර, පසුව මෙම තොරුතුරු ඇමෙරිකානු මාධ්‍ය වෙත රහසේ පිටව තිබුණි.
ට්‍රම්ප් පවසන්නේ මෙවැනි බුද්ධි තොරතුරු ගලායෑම අද ඊයේ සිට සිදුවන්නක් නොවන බව තමා විශ්වාස කරන බවයි. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසන්ද ජනපති ට්‍රම්ප් මේ පිළිබඳ දැනුම්වත් කළ වි ඔහු කියා සිටියේ මෙය ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය අතර පවතින අන්‍යොන්‍ය විශ්වාසය හා බැඳීම බිඳ වැටෙන අවස්ථාවක් නොවන බවයි.