මාවෙන් අඟහරු කක්ෂය වෙත සාර්ථකව පැමිණේ


ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයේ නවතම අඟහරු ගවේෂණ චන්ද්‍රිකාව වන මාවෙන් සාර්ථකව එම ග්‍රහයාගේ කක්ෂයට පිවිසි බව එම ආයතනය පවසයි.

පසුගිය මාස 10ක කාලය තුළ අභ්‍යවකාශයේ දීර්ඝ සංචාරයකින් පසුව අවසානයේදී එය අඟහරු කක්ෂයට පැමිණි තිබුණි.

එහිදී අඟහරු ග්‍රහයාගේ ගුරුත්වය ග්‍රහණය කරගැනීම සඳහා විනාඩි 33ක කාලයක් ගත වූ බව කියැවෙයි.

රතු ග්‍රහයාගේ ඉහළ වායුගෝලය පිළිබඳ පර්යේෂණ සිදුකිරීමේ පරමාර්ථයෙන් මාවෙන් අභ්‍යවකාශගත කෙරුණු බව කියැවෙයි.

 



Recommended Articles