මාලි UN කාර්යාලයට රොකට් ප්‍රහාරයක්


උතුරුදිග මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වෙත රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඉන් සාම සාධක නිලධාරියෙක් හා සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කාන්තාර නගරයක් වූ කිඩාල් හි කාර්යාලය ආසන්නයට එල්ල වූ රොකට් ප්‍රහාර 30කට අධික ප්‍රමාණයක් හේතුවෙන් මෙම ජීවිත හානි සිදුව තිබේ.

එහිදී, ඇතැම් රොකට් ප්‍රහාර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉලක්කය වෙත ගමන් නොකිරීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියයි.

අල්-කයිඩා සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බව විශ්වාස කළත් මෙතෙක් එහි වගකීම තවම කිසිවෙකු භාරගෙන නොමැත.



Recommended Articles