මාලි රාජ්‍යයේ, බමාකෝ අගනගරයේ තරු හෝටලයකට කඩා වැදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් දෙදෙනා හඳුනාගැනීම සඳහා එරට පොලීසිය මහජන සහාය පතයි.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ අතර ප්‍රහාරයට පැමිණි අන්තවාදීන් දෙදෙනාද වෙති.
ඔවුන්ගේ ඡායාරූප එරට මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කෙරුණු අතර, ඔවුන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරයි.
පසුගිය සිකුරාදා ප්‍රහාරය අවස්ථාවේදී මාලි විශේෂ බලකාය මෙන්ම, ඇමෙරිකානු හා ප්‍රංශ විශේෂ බලකායන්ද පැමිණ රැඩිසන් බ්ලූ හෝටලයේ සිටි සෙසු ප්‍රාණ ඇපකරුවන් මුදාගනු ලැබිණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය තමන් විසින් සිදුකළ බව ඉස්ලාම් අන්තවාදී ජිහාඩ් සංවිධාන තුනක් විසින් පවසා සිටීමත් තත්ත්වය ව්‍යාකුල කර ඇත.