මාලදිවයින් හිටපු ජනපති ගයූම්ට මාස 19 සිරදඬුවම්


මාලදිවයින් රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණ සිද්ධියේ පොලිස් පරීක්ෂණ සඳහා සහාය නොදැක්වූ බවට චෝදනා ලබමින් එරට හිටපු ප්‍රබල ජනාධිපතිවරයෙකු වූ මවුමූන් අබ්දුල් ගයූම්ට මාස 19ක සිර දඬුවමක් ලබාදී තිබේ.

1978 සිට 2008 දක්වා මාලදිවයින පාලනය කළ ඔහු, වත්මන් ජනපති යමීන් අබ්දුල් ගයූම්ගේ පාලනය යටතේ සිරගත වන එරට දෙවැනි හිටපු ජනපතිවරයා වීමද විශේෂත්වයකි.

වසර 30ක මවුමූන් පාලනය අවසන් කරමින් බලයට පැමිණි මොහොමඩ් නෂීඩ් වත්මන් ජනපති යටතේ අත්අඩංගුවට ගැනුණු ප්‍රථම හිටපු ජනාධිපතිවරයාය. වත්මන් ජනපති යමීන්, මවුමූන්ගේ ඥාති සොහොයුරෙකුද වෙයි.

රජය පෙරළීමේ සිද්ධියේ පරීක්ෂණ මෙහෙයවීම සඳහා මවුමූන් අබ්දුල් ගයූම් අදාළ පරීක්ෂණ මෙහෙයවූ නිලධාරීන් වෙත ඔහුගේ ජංගම දුරකථනය ලබාදීමට අපොහොසත්වීම මෙම දඬුවම ලැබීමට හේතු වී තිබේ.

ඔහුට අමතරව, මාලදිවයින් අගවිනිසුරු අබ්දුල් සයීඩ්ද පරීක්ෂණවලට සහාය නොදැක්වීමේ වරදට මෙම දඬුවමටම යටත් වී තිබේ.

1_Abdul



Recommended Articles