රටින් පිටුවහල් කර සිටි මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් යළිත් සිය රටට පැමිණ දේශපාලනයට අවතීර්ණ වන බව පවසයි.
2015 වසරේදී හිටපු ජනපතිවරයාට එරෙහිව එල්ල වී තිබූ ත්‍රස්ත චෝදනා එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභා කිරීමත් සමග යළිත් සිය රටට පැමිණීමට හිටපු ජනපතිවරයාට අවස්ථාව හිමිව තිබේ.
අධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පවසා තිබුණේ නෂීඩ්ට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනා දේශපාලන පළිගැනීමක් බවයි.
මේ අතර, සිරගතව සිටි සෙසු විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන්ද වහාම නිදහස් කරන ලෙස අධිකරණය දැනුම්දී තිබුණි.
මෙම අධිකරණ නියෝගයත් සමග බොහෝ ජනයා වීදිබැස ප්‍රීතිඝෝෂා පැවැත්වූ බව මාලදිවයිනෙන් වාර්තා වෙයි.
නෂීඩ් පවසා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් රට දැන් සූදානම් විය යුතු බවයි.