කැරිබියන් කලාපය පසුගිය දෙසතිය තුළ මුහුණදුන් දෙවැනි දරුණුතම අත්ලාන්තික් සුළි කුණාටුව ලෙස සැලකෙන මාරියා සුළි කුණාටුව වර්ජින් දූපත්වලට ඇතුළු වී මේ වනවිට පොර්ටෝ රිකෝ වෙත ගමන් කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, සෙන්ට් ක්‍රොයික්ස් දූපතටද 5 වැනි ප්‍රවර්ගයේ අති ප්‍රබල සුළි කුණාටුව හානි සිදුකර ඇති අතර, එය මීට පෙර කැරිබියන් කලාපයට දරුණු බලපෑමක් එල්ල කළ අ'ර්මා සුළි කුණාටුව ගමන්ගත් මාර්ගයම තෝරාගැනීමද විශේෂත්වයකි.
සඳුදා දිනයේදී මෙම සුළි කුණාටුවෙන් ඩොමිනිකා රාජ්‍ය බැටකෑ අතර, සුළි කුණාටුවෙන් පසුව ඩොමින්කා රාජ්‍යයේ ප්‍රථම ඡායාරූප පෙළ මාධ්‍ය වෙත ලැබෙමින් පැවතිණි.
එමෙන්ම, සුළි කුණාටුවේ වේගය 4 වැනි ප්‍රවර්ගය දක්වා තරමක් අඩුවෙමින් පැවතියද, පැයට කිලෝමීටර් 280 ඉක්මවන තද සුළං තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද ඇමෙරිකානු රාජ්‍ය සුළි කුණාටු මධ්‍යස්ථානය වාර්තා කරයි.