මාරාන්තික රිය අනතුරකින් පසුව ඌබර් ස්වයංක්‍රීය ධාවන රථ මාර්ගයෙන් ඉවත් කරයි


මාරාන්තික රිය අනතුරකින් පසුව උතුරු ඇමෙරිකාව තුළ සිදුකරන ස්වංක්‍රීය මෝටර් රථ ධාවන පරීක්ෂණ අවසන් කිරීමට තීරණය කළ බව ඌබර් සමාගම පවසයි.

ඇරිසෝනා ප්‍රාන්තයේ, ටෙම්පා හිදී පාර මාරුවෙමින් සිටි 49 හැවිරිදි කාන්තාවක මෝටර් රථයක වැදී මිය ගොස් තිබුණු අතර, මේ සඳහා ස්වයංක්‍රීය ධාවනයක් සහිත මෝටර් රථයක් හේතු වී ඇත.

මෙවැනි මෝටර් රථ අනතුරු කිහිපයකටම මේ වනවිට මුහුණදී තිබුණත්, මේ ආකාරයේ මාරාන්තික අනතුරකට මුහුණ පෑ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ඌබර් ප්‍රධානී ඩාරා කොසරෝව්ෂාහි මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම පුවත සැබෑ ලෙසින්ම කනගාටුදායක පුවතක් බවයි.

පොලීසිය පවසා තිබුණේ, පසුගිය ඉරිදා මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම රථය ස්වයංක්‍රීය ධාවන තත්ත්වයේ පැවතී ඇති බවයි. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී රථය අධීක්ෂණයට පුද්ගලයෙකුද රථය තුළ සිට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

1_Uber



Recommended Articles