මාරාන්තික එබෝලා යළි හිස ඔසවලා - මරණ 17ක්


මෑත ඉතිහාසයේ ලෝකයට ප්‍රබල තර්ජනයක් වූ එබෝලා වෛරසය යළිත් කොංගෝ ජනරජය තුළ හිස ඔසවමින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම, අප්‍රිකානු කලාපයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ එබෝලා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 02ක් තහවුරු කළ හැකි වුවත්, තවත් සැකකටයුතු සිද්ධි 21ක් පිළිබඳව වාර්තා වන බවයි.

අප්‍රිකානු කලාපයේ රාජ්‍යයන් 06ක එබෝලා වෛරසයෙන් මිනිස් ජීවිත 11,000ක් බිලිගෙන වසර තුනක් ගතවන මොහොතේදී මේ ආකාරයෙන් යළිත් වෛරසය හිස ඔසවා ඇති බව සඳහන් වෙයි.

එබෝලා වෛරසය දැනටමත් අතිශය මාරාන්තික රෝගකාරක බීජයක් ලෙස හඳුනාගෙන ඇති අතර, මේ හේතුව නිසාම මෙම නව ඉස්මතුවීම මහජන සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වයක් ලෙස සඳහන් කර ඇත.

2014 සහ 2016 කාලය තුළ බටහිර අප්‍රිකානු කලාපය තුළ වඩාත් වේගයෙන් එබෝලා වෛරසය පැතිරීම තුළ එය කොතරම් වේගයකින් ගමන් කරන්නේද යන්න පැහැදිලි වූ නිසා මෙය ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් කෙරෙන අවස්ථාවක් විය හැකි යැයි විශේෂඥයෝ බිය පළ කරති.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එබෝලා වෛරසය සම්බන්ධ සැකකටයුතු සිද්ධි 21ක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර, කොංගෝ ජනරජයේ, ඉක්වෙට්ර් පළාතේ පසුගිය සති පහක කාලය තුළ මරණ 17ක් සිදුව ඇති බවද තහවුරු කර තිබේ.

වර්ෂ 1976දී එබෝලා වෛරසය මුලින්ම හඳුනාගනු ලැබුවේද කොංගෝ ජනරජය ආශ්‍රිතව වන අතර, මෙම වෙරසය වැළඳුණු පුද්ගලයන්ගෙන් 90%ක් පමණ දෙනා ජීවිතක්ෂයට පත්වූහ.

1_Ebola



Recommended Articles