මාර්කෙල්ගේ තීරණාත්මක ජර්මානු මැතිවරණය ඇරඹේ


ජර්මානු නායිකා ඇන්ජෙලා මාර්කෙල්ගේ අනාගතය තීරණය වන තීරණාත්මක මැතිවරණයක් වන ජර්මානු ෆෙඩරල් මැතිවරණය අද (24දා) පැවැත්වෙයි.

ජර්මානු චාන්සලර් ලෙස සිව්වැනි වතාවටත් බලයේ රැඳී සිටීමේ උත්සාහයත්, ඇගේ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂය (සී.ඩී.යූ) එරට බහුතර බලය හිමි පක්ෂය ලෙස ස්ථාවර කරගැනීමත් මෙහි ප්‍රතිඵලය කියා පානු ඇත.

ඒ අනුව, සී.ඩී.යූ ඒකාබද්ධ සන්ධානය සමග එරට ප්‍රධාන විපක්ෂය වන එස්.පී.ඩී. පක්ෂය තරගයක් ලබාදීමට සූදානමින් සිටියි.

ජර්මානු වේලාවෙන් උදෑසන 8.00 ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීම, සවස 6.00 දක්වා පැවැත්වෙන බව එරට මැතිවරණ බලධාරීහු පවසති.

1_german_comp_recoulered



Recommended Articles