මාඕවාදී ප්‍රහාරයකින් පොලීසියේ 16ක් මරුට


ඉන්දීයාවේ, චාට්සිගාර් ප්‍රාන්තයේදී පොලීසිය වෙත මාඕවාදී ගරිල්ලන් එල්ල කළ ප්‍රහාරයකින් අඩුම තරමින්, පොලිස් නිලධාරීන් 16 දෙනෙකුවත් මරණයට පත්වන්නට ඇති බව වාර්තා වෙයි.

සුක්මා දිස්ත්‍රික්කයේ මාර්ගයක් ඉදිකරන සේවකයන්ට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වෙත සැඟව සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව කියැවෙයි.

ප්‍රහාරය හේතුවෙන් තවත් පොලිස් නිලධාරීන් 25ක් පමණ තුවාල ලබා තිබේ.

චාට්සිගාර් ප්‍රාන්තය යනු මාඕවාදී ගරිල්ලන් වැඩි වශයෙන් සිටින කලාපයක් වන අතර, ඔවුන් පවසන්නේ දුප්පතුන් වෙනුවෙන් තම සටන ගෙනයන බවයි.

ඉන්දියාවේ දිස්ත්‍රික්ක 600 න් තුනෙන් එකක පමණ මාඕවාදීන් ක්‍රියාකාරීව පසුවන බව නොරහසකි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය හේතුවෙන් ගරිල්ලන්ට සිදුවූ හානිය පිළිබඳ වාර්තා නොවන බවද කියැවෙයි.



Recommended Articles