මහා අත්වැරැද්දෙන් කොලොම්බියාව සැලේ


මෙවර විශ්ව රූ රැජින තරගාවලියේ සිදුවූ මහා අත්වැරැද්ද කොලොම්බියාවේ ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ ජනතා නියෝජතයන් මෙන්ම එරට ජනතාවද කෝප ගැන්වූ සිදුවීමක් බවට පත්ව තිබේ.

විශ්ව රූ රැජින ලෙස කොලොම්බියානු ජාතික එරිඅඩ්නා ගුටිඑරෙස් කිරුළු පැළඳීම සමගම ජනාධිපති මැනුවෙල් සන්තෝස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ලෝකයේ සිටින සුන්දරම කාන්තාවන් අතර කොලොම්බියානුවන් සිටින බවත්, ගුටිඑරෙස් වෙත සුබපතන අතර, මෙය තමාට ආඩම්බරයක් බවත්ය.

එමෙන්ම, ඔහුගේ දේශපාලන සතුරා මෙන්ම හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අප සැමගේ සහාය අපේ රැජිනටයි. ඇගේ ගෞරවය සමස්ත කොලොම්බියානු කාන්තාවගේ ගෞරවයයි. ඇයට සිදුවූ අපහාසය සියලු රටවැසියාට සිදුවූ අපහාසයක් යැයි කියා සිටියේය.

මේ අතර, මෙම මහා අත්වැරැද්ද සිදුකළ නිවේදක ස්ටීව් හාවි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, මම මගේ හදවතින්ම කොලොම්බියානු හා පිලිපීන රූ රැජිනියන්ගෙන් සමාව අයැද සිටිනවා. මට දරාගත නොහැකි හැඟීමක් දැනෙනවා යැයි කියා සිටියේය.

කෙසේ වෙතත්, බොහෝ දෙනාගේ මතය වී තිබුණේ, මේ අත්වැරැද්ද යළි සකසා ගැනීම සාධාරණ වීමට නම් ඒ තරුණියන් දෙදෙනා අතර ජයග්‍රහණය සම සමව බෙදී යා යුතුව තිබූ බවය.



Recommended Articles